kaliyugaya

                                     කලියුගය...

ලංකාව තරම් බණ කියන රටක් බණ අහන රටක් මේ ලෝකයේ වෙන කොහෙවත් නැතිතරම්. නමුත් දිනෙන් දින මිනිසුන් තිරිසනුන් සේ හැසිරෙමින් දූශිත ක්‍රියාවන්හි නිරතවන ප්‍රමාණයෙහි වැඩිවීමක් මිස  අඩුවක් නම් නොවේ.

      දරුවන් නොමැතිකමින් තැවි තැවී දැවි දැවී දුක්විදින අනන්තවත් මිනිසුන් ඉදැද්දීම තම ලෙයින් මෙලොවට බිහිකළ තම කිරිකැටියාව උපන් තැනම මරාදමන මව්නරුන් පියවරුන් සැබැවින්ම තිරිසන් සතුන්ටත් වඩා පහළ මට්ටමකට වැටී ඇතිබව නම් නොරහසකි. මෙවන් මිනිසුන් අද පමණක් නොව අතීතය තුළ ද සිටි බවට ඇතැම් කතාපුවත් සාක්ෂි දරන බව ඉතිහාසය විමසීමෙන් පැහඳිලි වේ. නමුත් වර්තමානයේ ඇති ඛේදනීය තත්වය නම් එවන් වූ තත්වයන් අද වන විට අතිශය භයානක ලෙස සීඝ්‍ර වැඩි වීමකට පත්ව තිබීමයි.

     මිනිසුන් මෙසේ හැසිරෙන්නේ ඔවුන්ගේ සමාජ, ආර්ථික, මානසික ගැටලු හේතුවෙන් යැයි කීම සමාජගත තර්කය බවට පත්ව ඇත. නමුත් මෙලොවට ජීවිතයක් ලබාදී එම ජීවිතය නැවත ඔවුන් විසින්ම උදුරාගනු ලබන්නේ නම් එය දරුනු වියරුවක් විනා අන් කිසිවක් නොවේ. මන්ද යත් අතීය දෙස බැලීමේදී පවුලක ළමුන් 8කට 9කට වැඩි වූවා මිස අඩු වූයේ කලාතුරකිනි. එවන් තත්වයක් තුළ සියළු දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් තම දරුවන් හදාවඩාගත්තේ දරු සෙනෙහසේ අපරිමිත ස්නේහයෙන්ම වන නිසාවෙනි.

          මේ සිංහල රටේ දරුපැටවු තමන්ගේ පියාණන් වන්දනාමාන කරනුයේ ඉමහත් ආදරයකින් සහ භක්තියකිනි. එය ඔබටත් මටත් එසේමයි. නමුත් අද තත්වය කුමක්ද? සමහර පියවරුන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් ඔවුන් වන්දනාමාන කරනවාද? නැතිනම් ඔවුන් පෝරකයට ගෙනයාමට යාතිකා කරනවාද? යන ගැටලුව මතුව තිබේ. මන්ද යත් ඔවුන් තම ලෙයින් උපන් හය හතර නොදත් දරුවා යොදාගනිමින් ඔවුන්ගේ තිරිසන් කාමුක ආසාව සන්සිදුවාගනු ලබන උන්මත්තකයන් බවට පත්ව ඇති හෙයිනි.

                 දියණියකට තම ළගම සහ හොඳම රැකවරනය සපයන්නා තම පියා වුව ද ඇතැම් පියවරුන්ගේ ක්‍රියාකලාපය මුළුමහත් පීතෘත්වය කෙරෙහිම කැලලක් ඇතිකොට හමාරය. මෙවන් වූ තත්වයන් කර්මය හෝ විපාක ලෙසවත්, වාසනාව හෝ අවාසනාවටවත්, බාර නොකොට සමාජගත මිනිසුන්ගේ භාවයන් විශෝධනය කරමින් ප්‍රභල සමාජ ශෝධන කාර්යයන් වෙත එළඹීමේ අවශ්‍යතාව නූතනය තුළ මතුව තිබේ.       
         විශේෂයෙන්ම මෙවන් වූ තත්වයන්ට හේතුවන, මානසික විකෘර්තීන් ඇතිකිරීමට සමත් මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමිය යුතුය. හන්දියක් හන්දියක් ගානේ තැබෑරුම් ඉනිකරමින් දේශපාලනඥයන්ගේ ඕනෑ එපාකම් ඔස්සේ කළයුතු දේ කළයුතු ලෙසින් නොව ඔවුන්ට අවශ්‍ය ලෙස සිදුකරන තත්වයට ජනතා පාලකයන් පත්ව ඇත. එබැව්න් මෙවන් තත්වයන් තුළ හඩක් නොනගා මේ රටේ මිනිසුන් ඇස්කන් වසාගෙන නිවටයන් සේ සිටිනතාක් මෙම තත්වයන් සිදුවීම අවම කිරීමක් හෝ වළක්වාලිමක් කළ නොහැකි බව පැහැදිලිය.

        මතට තිත යැයි කියනවාට වඩා , බීමත් මිනිසුන්ට බැලුන් පිම්බීමට දී දඩ ගසනවාටවඩා එම මත්ද්‍රව්‍ය නිශ්පාදනය සහ ගෙන්වීම  ක්‍රමක්‍රමයෙන් නවතාලිය යුතු නොවේද? එම තත්වයන් මෙහෙයවන අද්‍රශ්‍යමාන හස්තයන් සේ ක්‍රියාකරන  සුදුකරපටි අපරාදකරුවන් වෙත නීතියේ දෑස් යොමුවිය යුතු නොවේද? එසේ නොකොට ගම්වල සිටින බණ්ඩලා හෝ සිරිපාලලා පමණක් අත්තඩංගුවට ගෙන දඩගැසීමෙන් මෙම තත්වයන් පාලනය කිරීමට හෝ නවතාලීමට හැකිවේ ද? එසේ සිදුකිරීමෙන් අනියමාර්තයෙන් කියාසිටිනුයේ “ බිව්වට කමක්නෑ පොලීසියට අහුවෙන්න බොන්න එපා ” යනුවෙන් නොවේ ද? 

        “දුම් බීම පිළිකා ඇතිකරයි” යනුවෙන් පැකට්ටුවේ සඳහන් කොට එය මිනිසුන්ට ලබාගැනීමට වෙළඳපොළට නිකුත් කරනුයේ කුමන අරමුනකින්ද? යන ගැටලුව ඇතිවේ. මෙය හොදින් විමසා බලනවිට පැහැදලිවන කරුන නම් මෙය නීතියෙන් අවසරලත් අපරාධයක් වන බව නොවේද? මන්ද එම මත්දුව්‍ය මිනිසාට අහිතකර යැයි දැන දැනම ටිකෙන් ටික මිනිස් ඝාතන සිදුකිරීමට අවසරපත් ලබාදී ඇති නිසාවෙනි. එබැවින් මෙවන් තත්වයන් මත නේක වර්ගයේ අපරාධයන් දිනෙන් දින දස දෙසින් වර්ධනය වීම පුදුමයක් නොවේ.

        මත්දුව්‍ය නැවතීම රටේ ආර්තිකයට අවාසි සහගතබව බොහෝ දෙනාගේ මතය බවට පත්ව ඇත. එය රටේ අනාගතයට කෙසේ වෙතත් ලෝක හොරුන්ටනම් අවාසිදායක බව සහතිකය. රටේ ලෙඩුන් වැඩිවන විට, අපරාධ වැඩිවන විට, වංදා දූශන වැඩිවන විට, මානසික රෝගීන් වැඩිවන විට එම ලාභයෙන් කීයක්නම් ඉතිරිවේද? රටම එවන් අගාදයකට යන විට එම ඉතිරිය කාවෙනුවෙන් ද?

        මුළුමහත් රටට ම ලෝකයට ම පිළිලයක් වන් මෙවන් තත්වයන් වලක්වාලීමට කටයුතු නොකරන්නේ මන්ද? නමුත් මෙම ප්‍රශ්නයන් ඇසිය යුත්තේ කාගෙන්ද? ඉහළ නිලතල දරන්නන්ගෙන් හෝ දේශපාලනඥයන්ගෙන් මෙම ප්‍රශ්න ඇසීම හෝරාගෙ අම්මාගෙන් පේන අසන්නාක්සේ අමනෝඥ ක්‍රියාවක්බව, දැන් හය හතර නොතේරෙන දරුවාටත් තේරුම්ගොස් ඇති කරුණකි.

        මිනිසුනේ මේ දෑස් හැර බලන්නට කාලය නොවේ ද? තම ගෞරවය රැක ගනිමින් අනෙකාගේ ගෞරවය කෙරෙහිද හානියක් නොකෙට ජීවත් විමට වගබලාගන්නා සේම රටේ පරිහානිය ළඟා කරවන තත්වයනට එරෙහිව ඒකරාශී වන්නට කාලය එළඹ ඇත. මන්ද මේ එළමඹ ඇත්තේ කලියුග කාලයක්ම වන හෙයිනි.       

        

Comments

Popular posts from this blog

Janakaviyen kiyewena kula kramaya