Mohotak sitanna...2

මොහොතක් සිතන්න...2

“ යහපත් දෙයක් වෙනුවෙන් තමන්ගෙන් උදවුවක් ඉල්ලන ඕනම කෙනෙකුට තමන්ට පුළුවන් උපරිමයෙන් උදව් කරන්න. නමුත් කිසිවිටෙකත් යලි ප්‍රති උපකාරයක් බලාපොරොත්තු නොවන්න. එව්ට බලාපොරොත්තු කඩවීමෙන් ඇතිවන දුක, තරහව ඇති නොවේවි. සරළව ජීවිතය ගෙවන්නට එය අත්වැළක් වේවි.


“ ජිවිතය කියන්නෙ අපි බලාපොරොත්තු වෙන දෙයම සිදුවීම නොව, බලාපොරොත්තු නොවෙන විදියට අපේ ජීවිත වලට එන අභියෝග වලට මුහුණ දෙමින් , අපිට අවශ්‍ය ඉලක්කයන්කරා ලගාවීමට එම අභියෝගන් ම අත්වැලක් කරගැනීමයි. ”

“ ඔබට යමක් කළ හැකි යැයි ඔබ සිතන්න එය එබට කළ හැකිය.”

“ ඔබ ඔබේ යටිසිතින් ඉල්ලා සිටින්නේ සතයක්නම් යටිසිත ඔබට සපයනුයේ සතයක් මිස රුපියලක් නොවේ.”


“ බොහෝ සෙයින් අපසතුව දුබලතා 10ක් ඇත. ඉන් 1නම්, වැපිරිමට පෙර අසිවනු නෙලාගැනිමට සිතීමයි. කළ වරද වසන් කිරීමට දරන උත්සහය තුළ අනෙක් දුබලතා 9යම රුදී ඇත්තේය. ”

Comments

Popular posts from this blog

Janakaviyen kiyewena kula kramaya