Janakaviyen kiyewena kula kramaya



ජනකවියෙන් කියැවෙන කුල ක්‍රමය

ජන කවිය යනු











ජන ජීවිතයේ හැඩහුරුව පිළිඹිබු කරන කැඩපතක් ලෙස ජනකවිය පෙන්වාදිය හැක. ජනශැතියෙහි අවියෝජනිය අංගයක් ලෙස ජනකවියට ප්‍රබලස්ථානයක් හිමිවේ. "සාම්ප්‍රධායික මිනිසා සිය පාරිසරික අත්දැකීම්  තුළින් මනස තුළ ගොඩනැගෙන නිර්මානාත්මක සිතුවිලි අන්‍යන් හට සන්නිවේදනය කිරීම සඳහා ජනකවිය සදනන්නිවේ මාධ්‍ය ලෙස භාවිත කලේය." (අමරසේකර , 1996)
‘ජන’ යනු පොදු යන්නයි. නැතහොත් සමූහයා විසින් ගොඩනගන ලද්දක් ලෙස ද අර්ථ විග්‍රහ කල හැකිය. මේ අනුව ජනකවිය යනු අතිත ජන සමූහයා විසින් සිය සාමූහික අවශ්‍යතා පසනම් කොට ගෙන සාමූහික චිනිතනධාරා නියොජකත්වයෙන් ගොඩනැගුනු නිර්මානාත්මක සන්නිවේදන මාධ්‍යකි. සමාජීය භාෂාවෙහි වෙනස්කම් මත ජනකවියද වෙනස්කම් වකට භාජනය විය. සමාජීය තත්වය ,වත්තිය, ජීවිතය, කුල ක්‍රමය හා උප සංස්කතිය යනාදී සාදකයන් ප්‍රමුක කොටගෙන ද ජන කවිය විවිධ වෙනස්කම් වකට භාජනය වි ඇත. එමෙන්ම එකි තත්වයන් තුළ පැනති සමාජ වෙනස්කම් වලට භාජනයවි ඇත. එමෙන්ම එකි තත්වයන් තුළ පැවනි සමාජ වෙනස්කම් සන්නිවේදනය කරනු ලබන කලාත්මක සන්නිවේදන මාධ්‍යක් ලෙස ජන කවියට සුවිශේෂි ස්ථානයක් හිමි වේ. මෙසේ වන ජන කවිය ගැමි ගී, ජන ගී, ජන සම්මත කාව්‍ය, පාරම්පරික ගීත, දේශීය ගීත, සිව් පද, සීපද, ගැමි කවි, ගම්බඳ කවි, යනුවෙන්ද හදුන්වනු ලැබේ.
ගැමි ජන සමාජය තුළ වෙසෙන මිනිසාගේ හදවත ගැහෙන රාවය ප්‍රතිරාව කිරිමටත් සමාජීය, ආර්ථික, ආගම හා සංස්කතික ආදි විවිධ ඉසව් කරා පිය නගමින් එකී වූ තත්වයන්හි වන වෙනස්කම් හා ඒවායේ හැඩ රුව ජනකවි තුළින් අදටත් අප වෙත සන්නිවේදනය කරනු ලැබේ. එබැවින් එදා ජන සමාජයට සමාජ සංස්කතිකාංග සන්නිවේදනය කරන්නට සේම එකි තත්වයන් නූතනය තුළ අධ්‍යනයට ද ජන කවිය තුළින් හැකියාව ලැබේ.
ගැමි සුවඳ වහනය කරන්නා වු ජනකවිය මගින් ලාංකික සමාජයේ අතිත කුල ක්‍රමයත් ඒ හා සබැදුණු රුකියාව පිළිබඳවත් කියැවුණු ජනකවි අතිවිශාල සංඛ්‍යාවක් පවති. ගැමි ජන සමාජයට ප්‍රභල බලපෑමක් එල්ල කිරිමට සමත් එමෙන්ම සමාජිය තත්වය තරාතිරම මත සමාජ හැඩගැස්ම විය යුතු ආකාරයන්  තම තමන් වෙත සන්නිවේදනය කර ගැනිම සඳහා ගැමියන් අතිතය තුළ අතීතය තුළ ජනකවිය භාවිතයට ගන්නා ලද බව නොරහකි. එසේ ගත් උත්සහයෙහි ප්‍රතිඵලයක් ලෙස එකි සමාජ තත්වය සහ වෙනස්වීම නූතනය තුළදී ද අධ්‍යනයට ලක් කෙරෙනුයේ ෑසස් වටිනාකමකින් හෙබි ජනකවි තුළිනි. එපමනක් ද නොව විවිධ උපදේශාත්මක කවි, තේරවිලි කවි, වත්තීන්ට අදාළ කවි, නැළවිළි කවි, නෙළුම් කවි, ආදී වු ඉසව් ගණනාවක්    ජනකවියා විසින් ස්පර්ෂ කොට තිබේ. එබැවින් ජනශැතිය තුළ එන ජනකවිය වූ කලි අතීත සමාජ වෙනස්වීමත් ඊට පදනම් සාධකත් එමෙන්ම මිනිසා ඊට ප්‍රතිචාර දැක්වු ආකාරයන් පවා අදට මෙන්ම මතුවටත් සන්නිවේදනය කරනු ලබන සුනිශේෂි වූ කලා මාධ්‍යක් බව විද්‍යමාන වේ.


කුල ක්‍රමය හා ජනකවිය අතර සම්බන්ඳය

ලංකාවේ ආර්ය ජන ව්‍යාප්තියට සමගාමීව හිංදු කුල ක්‍රමය හෝ ඊට සමාන කුල ක්‍රමවේදයක් ලංකාවේද ව්‍යාප්ත වන්නට ඇත. පසුව එය සිංහල සමාජ සංවිධානය තුළකැපී පෙනෙන ලක්ෂනයක් බවට පත්ව ඇත. පුද්ගලයෝ, පවුල් ඥාති කාණ්ඩ හෝ ඇතැම් විට ගමක් සම්පූර්නයෙන්ම උසස් පහත් ලෙස තක්සේරු කිරීමට යොදාගත් මිණුම්දඩු අතර කුල භේදයත් අනතුරුව පන්තිය යන්නත් ඉතා වැදගත් විය. ලංකාවේ මුල් බැසගත් කුල ක්‍රමය අනුව යමෙකුගේ උපතින්ම දෙමාපිය පරම්පරාවෙන්ම කුලය හිමිවේ. එය පසුව වෙනස්කල නොහැකිය. රටේ පාලකයා  වූ රජුගේ අණත් , චාරිත්‍ර වාරිත්‍ර ආදිය මගිනුත් ආරක්ෂාවී පැවත ආ කුල ක්‍රමය එක්තරා ස්වරූපයක ස්ථාවර බවක් ගත්තේය. හීන යයි සම්මත කුලවල ජනයාට තමාට ලැබෙන සමාජ තත්වය හා සැලකිල්ල පිළිබඳව කිසිඳු විරෝධයක් නොපා එලෙසින්ම පිළිගැනීමට සිදු විය. එහෙත් රජයේ විවිධ අවශ්‍යතා මුල් කොට ගෙන පැන නැඟ්ගා වූ රැකියාමය අවශ්‍යතා රාජ්‍ය අනුග්‍රහය නොලැබීමත් සමඟ විනාශවී ගියේය.
කුල ක්‍රමය යන්න රාජකාරී ක්‍රමය මත පදනම් වූවක් බව පෙනේ. එනම් රජු විසින් පවරන ලද හා රජුට කරන ලද සේවයන් මත මෙම කුල ක්‍රමය ගොඩනැගී ඇත් බව පැහැදිලි වේ. නමුත් කුල ක්‍රමය එසේ රැකියාවට අනුරූපව ගොඩනැගෙන ලද්දක් වුව ද ඉන් ඇත් වූ අතුරු ප්‍රතිඵලයන් සමාජ ආර්තික ජීවන රටාව කෙරෙහි ද ඉතාමත් දැඩි ලෙස හේතු සාදකව ඇති බව පැහැදිලි වේ.
මේ අනුව අතීත සමාජය දෙස විමසිලිමත්ව බලන විට පෙනී යන්නේ රුකියාව හා කුල ක්‍රමය යනු අංශයන් දෙකක් නොව එකිනෙකෙහි අවියෝජනීය ලෙස එකට බැදී පවතින ලද්දක් බවයි. මෙසේ විවිධ වත්තීන් අනුව බෙදී ගිය කුල පද්දතියේ අපූර්වත්වය පිළිබඳ සටහන් කිහිපයක් අද අපට හමුවේ. ඒ අතර රොබට් නොක්ස් ගේ සටහනට සුවිශේෂී ස්ථානයක් හිමි වේ. ඒ අනුව 1681 ඔහු විසින් දක්වන ලද සටහනට අනුව කුල ක්‍රමය තුළ වූ වර්ගී කරනයක් මේ අයුරින් දැක්විය හැකිය.


  • 1.      හාන්දුරු - (වර්ග දෙකයි නම්කර නැත)
  • 2.      ආචාරී - (රන් කරුවෝ, කම්මල් කරුවෝ, වඩුවෝ)
  • 3.      කුරුවේ ඇතුතෝ - (ඇත් ගොව්වෝ)
  • 4.      පනික්කියෝ - (කරණවෑමියෝ)
  • 5.      කුඹල්ලු - (බඩහැලයෝ)
  • 6.      රදව් - (රෙදි අපුල්ලන්නෝ).............
යනාදී ලෙස කුලයන් 12 ක පමන වර්ගීකරනයක් දක්වා තිබේ. නමුත් 1821 දී ජෝන් ඩේවිඩ්ගේ සටහන තුළ දී මෙය වඩාත් පැහැදිලිවත් එමෙන්ම විස්තරාත්මකවත් දැනගත හැක. එබැවින් ඒ පිළිබඳ කෙටියෙන් විමසා බැලීම වැදගත් වේ.
1.      වෛශ්‍ය වංශය
1.1.   ගොවි වංශය - කෂි කාර්මිකයෝ
1.2.   නිලමක්කාර - පාට්ටි (එඩේරු)
2.      ක්ෂුද්‍ර වංශය
2.1.      කරාව - ධීවරයෝ
2.2.      චාන්දෝ - (දුරාව) රා මදින්නෝ
2.3.      ආචාරී - කම්මල් කරුවෝ
2.4.      හන්නාලි - ඇඳුම් මසන්නෝ
2.5.      බඩහැල - කුඹල්ලු
2.6.      ඇම්බැට්ටයෝ - පණික්කියෝ
2.7.      රාදා බද්ද - රෙදි අපුල්ලන්නෝ
2.8.      හාලිවරු - හලාගම
2.9.      හකුරු
2.10.  හුණු බද්ද - හුණු පුළුස්සන්නෝ
2.11.  පන්නයෝ - තණකොළ කපන අය
2.12.  වෙල්ලි දුරයි - නුවර කලාවිය පළාත
2.13.  දොඩ වැද්දෝ - දඩ වැද්දෝ
2.14.  පදු - ගහලයෝ, යකඩ උණුකරන්නෝ
2.15.  බෙරවා - බෙරවායෝ
2.16.  පල්ලරු
2.17.  ඔලී
2.18.  රදයෝ
2.19.  පලි
2.20.  කින්නර බද්ද
3.      සමාජයෙන් පිටමං කරන ලද කුල
3.1.   ගත්තරු
3.2.   රොඩී
මීට අමතරව ජන වංශය අනුව දැක්වෙන කුල අනු පිළිවෙලක් ආනන්ද කුමාරස්සාමි මහතා විසින් පෙන්වා දී ඇති බව ද සදහන් කරනු වටී.
මෙම කුල පෙළගැස්වීම් කාලානුරූපීව වෙනස් වූ අතර අද පවතිනුයේ ඉන් කිහිපයකි. කෙසේ නමුත් මෙමගින් කුල ක්‍රමය හා රැකියාව අතර වන සබඳතාව මැනවින් පැහැදිලි වේ. ශ්‍රම විභජනය සඳහා ඒ ඒ කාර්යයට පුන්ගලයන් වෙන් වෙන්ව බෙදීම නිසා ඇති වුවක් බව මූලාරම්බය දෙස බලන විට පැහැදිලි වේ. එසේම උරුමය යනු දේපළ උරුමය පමනක් නොවේ. අයිතිවාසිකම් හා යුතුකම් ද ඒ හා බැඳී පවතී. මෙසේ සමාජ සම්බන්ධතාවලියක් ලෙස කුල ක්‍රමය විතාශනය වී ආ බව පැහැදිලි වේ.
කුල ක්‍රමයට සංවිධානය වූ සමාජය එවකට පාලන තන්ත්‍රය තුළ ද එලෙසින්ම දැකගත හැකි විය. ඒ ඔස්සේ රජුට පහසුවෙන් පාලනය ගෙනයාහැක් වූ අතර ඒ ඒ කුලවකට අයත් සාමාජිකයන්ගේ ලේ නෑකම් හා විවාහ නෑකම් ඔස්සේ එනම් ඥාතීත්වය යටතේ සංවිධානය වී සිට ඇත. විශේෂයෙන් කුලය ඥාති සය්බන්ධතා අනුව පෝෂනය වන බවත් ආවාහ විවාහ කටයුතු වලදී කුලය පිළිබඳ විශේෂයෙන් සොයාබැලිය යුතු බවත් පැරනි සමාජයේ පිළිගත් කරුනකි. එසේ නොකිරීම සම්මත ක්‍රමයට පිටුපෑමක් ලෙස සලකන ලදි. අන්තර් කුල වශයෙන් ඔවුන් එකට එක් නොවූයේ කුල හීනයන්ගේ ස්පර්ෂය නිසා අපිරිසිදු වේය යන භාරතය තුළ පැවති විශ්වාසයේ ආභාෂය හේතුවෙනි. වත්පිළිවෙත්, ආහාරපාන, ලිංගික සබඳතා ආදිය නිසා මෙම අපිරිසිදු විම සිදු වෙතැයි ඔවුහු විශ්වාස කළහ.
ආර්තික සමාජීය ක්‍රියාකාරීත්වය උදෙසාත් කාර්යක්ෂමතාව උදෙසාත් ඒ ඒ පුද්ගලයාට පැවරුනු වත්තිය නොයෙසේනම් රුකියාවෙහි උස් පහත් බවෙහි භේදය මත කුල ක්‍රමයත් පරපුරෙන් පරපුරට එම කුලය මත පදනම් වු වත්තීමය තත්වය හිමි වීමත් සිදුවීම මත කුල ක්‍රමය සමාජ තීරක සාධකයක් බවට විකාශනයව හැඩගැසි ඇති ආකාරය මෙමගින් පැහැදිලි වේ. මෙබඳු තත්වයක පැවතියා වූ කුල ක්‍රමය රාජ අණ සහ පාරම්පරික චාරිත්‍ර වාරිත්‍ර ධර්මයන් විසින් ආරක්ෂා විණි. එය මහනුවර යුගය වන විට ශක්තිමත් සමාජ සාධකයක් බවට පත්ව තිබූබව පැහැදිලි වේ.
මෙකී වූ අතීත කුල ක්‍රමය පිළිබඳ සෞන්දර්යාත්මක විවරනයන් සිදුකරන්නක් ලෙසට ජනකවිය පෙන්වාදිය හැකිය. ජන කවිය මගින් මිනිස් ජීවිතයේ සෑම ඉසවුවක්ම ස්පර්ෂ කොට ඇත් බව පෙරද සඳහන් කරව ලදි. ඊට උදාහරන කිහිපයක් මෙසේ දැක්විය හැකිය.


පල්ලරු පඩත්තරු මුක්වරු ද                         පරවරු


   ඊවරු දුරා පදු කෙව්ලන් සහ                            හකුරු
   බෙරවා රදා ඔලිකින්නරු ද                            පුරවරු
   මින් මිස තොපේ ලිය අරගන්නේ                    කවුරු  "
එම කවිය තුළින් තමන්ගේ කුලයට අයත්ව මිස පහත් කුලයන්හි කාන්තාවන් විවාහ කර නොගන්නා බවට පවතින මතය සමාජගත කොට සිටී. මෙකී අදහස පිළිබඳ රොබට් නොක්ස් විසින් මෙසේ අදහස් දක්වා සිටී.
"ඔවුහු තම කුලය මිස අන් කිසිම අඩු කුලයක් හා සමග ආවාහ විවාහයෙන් ඥාතිත්වයට සම්බන්ඳ නොවෙති. කොතරම් ධන පරිත්‍යාගයක් ලැබුන ද තමන් හට නොගැලපෙන විවාහයකින් ගෞරනය කෙලසා ගන්නට සිංහලයෝ කැමති නොවෙති. ගේරවය නම්බුව ඔවුහු ජිවිතයට වඩා අගය කරති."
මේ අනුව කුල ක්‍රමය සමාජ සාධකයක් බවට පත්වෙමින් විවාහය යන සාධකය එය පවත්වාගෙන යනු ලබන පූර්න සා දකය බවට පත්ව ඇත්බව පැහැදිලි වේ.
ගජතුන් මැද කුඩ ඉසලා යන්ට                       එපා
   මහතුන් ළග අත් එල්ලා ඉන්ට                                    එපා
   තුරගුන් ළග පිටිපස්සෙන් යන්ට                      එපා
   මෙලෙසින් කල් අරිනු ලබනට ඉසුරු              සැපා  "
සමාජය තුළ බහුතරය කුලභේදය පිළිගත් හෙයින් එසේ පිළිගත් ආයතනයකට එරෙහි වීමට කිසිවෙක් උත්සහ නොකළහ. එහෙයින් කුලභේදය ඇතුළු සමාජ සම්මත චාරිත්‍ර නොබෙදිය යුතු බවට උපදෙස් දීම ට ඉහත ජන කවිය මගින් උත්සාහ ගෙන ඇත.
මෙපමනක් නොව එදා සමාජය තුළ පහත් යයි සම්මත කුල ගෙදරකින් ඉහල පැළැන්තියේ පිරිස් කෑම බීම පවා ප්‍රතික්ෂේප කරන ලදි. එය තම ගෞරවයට කැලලක් වන්නක් බව සමාජගත වූවකි. එකී වූ සමාජ විෂමතාව ජන කවියා සන්නිවේදනය කර සිටිනුයේ මෙලෙසිනි.
"  යාළු කමට ගොස් සහරා හුණු                        ගෙදර
   මාළු සයක් සමගින් කෑ රස                            අහර
   කීලු ඇවිත් උගෙ මිතුරන්ට                             තොරතුර
   පාළු කරගති ගොවි වන්සෙත්                         පවර  "
මේ ආකාරයෙන් කුලය  රැකියාව හා ඊට අනුව සමාජය තුළ හැඩගැසිය යුතු ආකාරය ජනකවිය මගින් ප්‍රකාශිත අවස්තා අතිවිශාල සංඛ්‍යක් පවතින බව ජන කවි ඉතිහාසය වීමේදී අපට හමු වේ.
මේ අනුව ජන කවිය හරහා මෙරට කුල ක්‍රමය මත ගොඩනැගුණු සමාජ ක්‍රමය කුමන ආකාර වේද, කුලය හා රැකියාව මත ඒ ඒ සමාජය තුළ පුද්ගලයාට හිමි වූ වරප්‍රසාද කවරේද, අහිමි වූ මිනිස් අයිතීන් කවරේද යන්න මැනවින් පැහැදිල් කරගත හැකිය. කෙසේ නමුත් කාලයාගේ ඇවෑමෙන් පාරම්පරික රැකියාවෙන් ඉවත්ව තම දක්ෂතා වලට ඉඩ හසර විවර කරගනිමින් වෙනත් ඉසව් කරා පිය නැගීමත් සමග අතීතය තුළ මුල් බැසගෙන තිබූ කුල ක්‍රමය එලෙසින්ම නූතනය තුළ නොවන බව පැදහැදිළි වේ. එමෙන්ම එකී සමාජය පිළිබඳ අධ්‍යනය කරන්නෙකුට ජන කවිය වූ කලී තොරතුරු මූලාශ්‍රයක් බව ද මෙකී තතු අනුව පැහැදිළි වේ.  

                                                                                                                                         












Comments

  1. Samajayata karumayak wu Kula kramaya Pilibahawa danuwath kirimata nowa eya samajayen athu ga damimata katayuthu karanna

    ReplyDelete
    Replies
    1. yamdeyak samajayen athuga demimata nam ehi mularambaya niweradiwa watahagatha yuthu athara, kula kramaya arambawa aththe minisage janawalin nowa rekiyawen bawa pehedili athara eya nuthana rekiyawan samaga belimedi pawathina kulakramaya samajaya adala nowana bawa pehedili karagenima wada wedagathwei neda?

      Delete
    2. කුල ක්‍රමයේ මූලාරම්භය සොයා ගොස් කුල ක්‍රමය සමාජයෙන් අතුගා දැමීමට ඔබ ගන්නා උත්සාහය අගය කරන අතර කුල ක්‍රමයේ මූලාරම්භය සිදුවූයේ 1681 වසරේදී නොවන බැවින් ඉන් ඉහත මූලාශ්‍රද අධ්‍යයනය කොට වැරදි වැටහීම් සමාජයට ලබාදීමෙන් වලකින ලෙස ඉල්ලා සිටිමි.සිත්තරුන්, මැණික් කරුවන්,රන්කරුවන් පමණක් නොව කුඹලුන් පවා වෛශ්‍ය (ගෘහපති)කුලයට අයිති වූ බව පැරණි සෙල්ලිපි වල සඳහන් (inscription of ceylon-series of books).ගොවියන් වෛශ්‍ය කුලයට අයිති බව සඳහනක් ඒවායේ නම්නැත.

      Delete
    3. kula kramaye arambhaya 1681 wasare siduwu bawa mema lipiyehi sadahan nowana athara eya ek mulashrayak lesa pamanak yodagena atha.

      Delete

Post a Comment