Posts

Showing posts from April, 2016

yatharthaya

Image
යථාර්ථය... හෙලූ දහඩිය මුතුකැට නූනත්... හෙලූ කදුලැල් තරැමල් ලෙස නොපිපුනත්.... අප හදපිරි වෑයමෙන් යම්දිනෙක, සතුටු කදුලැල් වැස්ස අභියස... දහඩිය මුතුකැටව, කදුලැල් තරුමල්ව සුපිපෙනවා නියතය.

Wasath heguma

Image

kaliyugaya

Image
                                      කලියුගය... ලංකාව තරම් බණ කියන රටක් බණ අහන රටක් මේ ලෝකයේ වෙන කොහෙවත් නැතිතරම්. නමුත් දිනෙන් දින මිනිසුන් තිරිසනුන් සේ හැසිරෙමින් දූශිත ක්‍රියාවන්හි නිරතවන ප්‍රමාණයෙහි වැඩිවීමක් මිස  අඩුවක් නම් නොවේ.       දරුවන් නොමැතිකමින් තැවි තැවී දැවි දැවී දුක්විදින අනන්තවත් මිනිසුන් ඉදැද්දීම තම ලෙයින් මෙලොවට බිහිකළ තම කිරිකැටියාව උපන් තැනම මරාදමන මව්නරුන් පියවරුන් සැබැවින්ම තිරිසන් සතුන්ටත් වඩා පහළ මට්ටමකට වැටී ඇතිබව නම් නොරහසකි. මෙවන් මිනිසුන් අද පමණක් නොව අතීතය තුළ ද සිටි බවට ඇතැම් කතාපුවත් සාක්ෂි දරන බව ඉතිහාසය විමසීමෙන් පැහඳිලි වේ. නමුත් වර්තමානයේ ඇති ඛේදනීය තත්වය නම් එවන් වූ තත්වයන් අද වන විට අතිශය භයානක ලෙස සීඝ්‍ර වැඩි වීමකට පත්ව තිබීමයි.      මිනිසුන් මෙසේ හැසිරෙන්නේ ඔවුන්ගේ සමාජ, ආර්ථික, මානසික ගැටලු හේතුවෙන් යැයි කීම සමාජගත තර්කය බවට පත්ව ඇත. නමුත් මෙලොවට ජීවිතයක් ලබාදී එම ජීවිතය නැවත ඔවුන් විසින්ම උදුරාගනු ලබන්නේ නම් එය දරුනු වියරුවක් විනා අන් කිසිවක් නොවේ. මන්ද යත් අතීය දෙස බැලීමේදී පවුලක ළමුන් 8කට 9කට වැඩි වූවා මිස අඩු වූයේ කලාතුරකිනි. එවන් ත

Mohotak sitanna...2

Image
මොහොතක් සිතන්න...2 “ යහපත් දෙයක් වෙනුවෙන් තමන්ගෙන් උදවුවක් ඉල්ලන ඕ නම කෙනෙකුට තමන්ට පුළුවන් උපරිමයෙන් උදව් කරන්න . නමුත් කිසිවිටෙකත් යලි ප්‍රති උපකාරයක් බලාපොරොත්තු නොවන්න. එව්ට බලාපොරොත්තු කඩවීමෙන් ඇතිවන දුක, තරහව ඇති නොවේවි. සරළව ජීවිතය ගෙවන්නට එය අත්වැළක් වේවි. ” “ ජිවිතය කියන්නෙ අපි බලාපොරොත්තු වෙන දෙයම සිදුවීම නොව, බලාපොරොත්තු නොවෙන විදියට අපේ ජීවිත වලට එන අභියෝග වලට මුහුණ දෙමින් , අපිට අවශ්‍ය ඉලක්කයන්කරා ලගාවීමට එම අභියෝගන් ම අත්වැලක් කරගැනීමයි. ” “ ඔබට යමක් කළ හැකි යැයි ඔබ සිතන්න එය එබට කළ හැකිය.” “ ඔබ ඔබේ යටිසිතින් ඉල්ලා සිටින්නේ සතයක්නම් යටිසිත ඔබට සපයනුයේ සතයක් මිස රුපියලක් නොවේ.” “ බොහෝ සෙයින් අපසතුව දුබලතා 10ක් ඇත. ඉන් 1නම්, වැපිරිමට පෙර අසිවනු නෙලාගැනිමට සිතීමයි. කළ වරද වසන් කිරීමට දරන උත්සහය තුළ අනෙක් දුබලතා 9යම රුදී ඇත්තේය. ”