Mohothak Sithanna 1


මොහොතක් සිතන්න


  • ඔබට යහළුවන් කීදෙනෙක් ඉන්නවද?

  • ඒ අතරින් කීදෙනෙක් ඔබ හරියටම අඳුනනවද?

  • ඒ අතර ඔබව අඳුනගත්ත අය කීදෙනෙක්  ඉන්නවද?


ගනින්න ඇඟිලි මදිවුණාදනෑ..... මම දන්නව උත්තරේ එක අතක ඇඟිලි ගානටත් වඩා අඩුයි කියල.
ප‍්‍රශ්නෙත් මම කියල උත්තරෙත් මම කියන්නෙ  කොහොමද? කියල නේද ඔයා දැන්ඔය හිතන්නෙ.....?

මොකද මම මේදැන් ඔයාගෙ හිත කියෙව්ව,

ඔය හිතට දැනෙන හිතේ තියන තවත් පුංචි දෙයක් කියන්නම්

යහළුවෙක් වෙනුවෙන් පුංචිහරි කැපවීමක් කරල තියෙද්දිත් ඒ කෙනා තමන්ගැන වරදවා හිතනකොට ගානකට ගන්නෙ නැතිවෙන කොට අසරණ බවක් දැනෙනව නේද?

ඒ ඇයි කියල ඔයා දන්නවද? නෑ..... නේද?   ඒ..... ඔයා එයාට හො යහළුවෙක් නිසා.

ඒ නිසා පුංචි උපදෙසක් දෙන්නම්; කෙනෙකුට වචනයෙන් හරි දෙයක් දීල දෙයක් බලාපොරොත්තු වෙන්න
එපා... ඒ විදියට හිතන්න පුරුදුවෙන්න එතකොට හැමදාමත් හිතේ සතුට රැඳේවි.

තවත් දෙයක් කියලම යන්නම්

මේ ලෝකෙ මට අරය ඉන්නව මෙයා ඉන්නව කියල හිතුවට තමන්ට ඉන්නෙ තමන් විතරයි. වෙලාවකට තමන්ට තමන්වත් නැතිවෙන වෙලාවල් තියනව. ඒ නිසා පළමුවෙන්ම ඔබ ඔබට හොයහළුවෙක් වෙන්න.

ලොකු බලාපොරොත්තු නැතිව උදව් කරන්න පුළුවන් හැම වෙලාවෙම කාට උනත් උදව් කරන්න. එතකොට හැමදාටම නැතත් ඒ මොහොතට හරි යහළුවෙක්, හිතවතෙක් ඔයාට ඉදීවි. ඒ නිසා අතීතයෙවත් අනාගතයෙවත් නෙමෙයි ඒ මොහොත තුළ ජීවත් වෙන්න...
මොකද; සදාකාලික යහළුවන් සොයනවට වඩා එය පහසු වේවි..

මේ කියන්නෙ හොයාළුවො නෑ කියල නෙමෙයි... හොයාගන්න හරි අමාරුයි කියල...

දැනටමත් ඔබට ඒ වගේ යාළුවෙක් ඉන්නවනම් සතුටුවෙන්න... නැතිනම් හමුවුණදාට මටත් කියන්න...
මොකද මමත් තවම එහෙම කෙනෙක් හොයනව...






  

Comments

Popular posts from this blog

Janakaviyen kiyewena kula kramaya