Posts

Showing posts from March, 2016

Janakaviyen kiyewena kula kramaya

Image
ජනකවියෙන් කියැවෙන කුල ක්‍රමය ජන කවිය යනු ජන ජීවිතයේ හැඩහුරුව පිළිඹිබු කරන කැඩපතක් ලෙස ජනකවිය පෙන්වාදිය හැක . ජනශැතියෙහි අවියෝජනිය අංගයක් ලෙස ජනකවියට ප්‍රබලස්ථානයක් හිමිවේ. " සාම්ප්‍රධායික මිනිසා සිය පාරිසරික අත්දැකීම්  තුළින් මනස තුළ ගොඩනැගෙන නිර්මානාත්මක සිතුවිලි අන්‍යන් හට සන්නිවේදනය කිරීම සඳහා ජනකවිය සදනන්නිවේ මාධ්‍ය ලෙස භාවිත කලේය. " ( අමරසේකර , 1996 ) ‘ජන’ යනු පොදු යන්නයි. නැතහොත් සමූහයා විසින් ගොඩනගන ලද්දක් ලෙස ද අර්ථ විග්‍රහ කල හැකිය. මේ අනුව ජනකවිය යනු අතිත ජන සමූහයා විසින් සිය සාමූහික අවශ්‍යතා පසනම් කොට ගෙන සාමූහික චිනිතනධාරා නියොජකත්වයෙන් ගොඩනැගුනු නිර්මානාත්මක සන්නිවේදන මාධ්‍යකි. සමාජීය භාෂාවෙහි වෙනස්කම් මත ජනකවියද වෙනස්කම් වකට භාජනය විය. සමාජීය තත්වය ,ව ෘ ත්තිය, ජීවිතය, කුල ක්‍රමය හා උප සංස්ක ෘ තිය යනාදී සාදකයන් ප්‍රමුක කොටගෙන ද ජන කවිය විවිධ වෙනස්කම් වකට භාජනය වි ඇත. එමෙන්ම එකි තත්වයන් තුළ පැනති සමාජ වෙනස්කම් වලට භාජනයවි ඇත. එමෙන්ම එකි තත්වයන් තුළ පැවනි සමාජ වෙනස්කම් සන්නිවේදනය කරනු ලබන කලාත්මක සන්නිවේදන මාධ්‍යක් ලෙස ජන කවියට සුවිශේෂි